Previous
Next

රිචඩ් ද සොයිසා නිහඬ කළ හඬ

Author           : සංස්කරණය: ප්‍රභාත් චින්තක මීගොඩගේ
Price              : මිල රු. 500.00
ISBN              : 978 955 677 9370
Description  :

ජගත් කීර්තිධර ජනමාධ්‍යවේදියකු දක්ෂ චරිතාංග නළුවකු, කෘතහස්ත නිවේදකයකු, කුසලතා පූර්ණ කවියකු හා චිත්‍ර ශිල්පියකු වශයෙන් උතුම් සමාජ මෙහෙවරක යෙදී සිටි තරුණ රිචඩ් ද සොයිසාගේ නිසල මළ සිරුර, මොරටුව කොරළවැල්ලේ වෙරළට පාවී ආවේ රාජ්‍ය භීෂණයේ හා ත්‍රස්තවාදි අන්ධකාරයේ මුළු රටම වෙලා ගනිමින් තිබියදීය.
සෙනෙහෙබර මවකට තම එකම පුතු අහිමි කළ, ඥාතීන්ට හා හිතමිතුරනට හොඳම කලණ මිතුරකු නැති කළ, මුළු රටටම අදීන හා අභීත කලාකරුවකු අහිමි කළ ඒ මූසල අතීත සිද්ධිය යටගසන්නට, අකාමකා දමන්නට එවක බලයේ සිටි රාජ්‍ය ත්‍රස්තවාදීන් කොතරම් වලිකෑවත් එය සාර්ථක වූයේ නැත.
අක්ෂර ඉක්මවා ගිය, හඬ ඉක්මවා ගිය, රූපය ඉක්මවා ගිය භාවිතයක් ඔහුට තිබිණ. එහෙයින් ත්‍රස්තවාදී භීෂණයෙන් යටපත් කර දමන්නට උත්සාහ ගත්ත ද ඔහු මෙරට සමස්ත මිනිස් සිත්සතන් තුළ නිබඳ නින්නාද නැඟෙන අමරණීය නාමයක් ලෙසින් ඉතිහාසයට එක්විය.