ඔබේ විමසුම පහත දැක්වෙන කරුණු පිළිබඳව ද?

1. පැහැදිලි අත් අකුරින් ලියන ලද හෝ පරිගණක ගත කරන ලද අත් පිටපත අප වෙත ඉදිරිපත් කරන්න.
2. ඒ පිටපත ෆාස්ට් පබ්ලිෂින් ග්‍රන්ථ සමීක්ෂණ මණ්ඩලය වෙත අපි ඉදිරිපත් කරන්නෙමු.
3. ග්‍රන්ථ සමීක්‍ෂණ මණ්ඩලය අත්පිටපත අනුමත කළහොත්, එය ෆාස්ට් පබ්ලිෂින් සංස්කාරක මණ්ඩලය වෙත යොමු කරන්නෙමු.
4. සංස්කාරක මණ්ඩලය විසින් අත්පිටපත සංස්කරණයට ලක් කළ යුතු යැයි තීරණය කළහොත් කතුවරයාගේ ද අනුදැනුම ඇතිව සංස්කරණය කෙරේ.
5. ඉන් අනතුරුව ඔබේ අත්පිටපත ෆාස්ට් පබ්ලිෂින් ආයතනය මගින් මුද්‍රණය කර සුරස සන්නාමය යටතේ ප්‍රකාශයට පත් කරනු ඇත.
6. විශේෂ අවස්ථාවක දී හැර අන් සෑම විටකදී ම පළමු මුද්‍රණය සදහා පිටපත් දහසක් ප්‍රකාශයට පත් කෙරේ.
7. කර්තෘ භාගය සියයට දහයකි.

1. ඔබේ පොත්හල අප බෙදාහැරීම් ජාලයේ ලියාපදිංචි කරන්න. ඒ සඳහා අවශ්‍ය තොරතුරු අපේ ප්‍රකාශන අංශයෙන් ලබා ගත හැකි ය.
2. අපගේ ප්‍රකාශන පිළිබඳ සවිස්තර තොරතුරු ඔබ වෙත වාරානුකඣලව සැපයෙන අතර, අපගේ වෙබ් අඩවිය හා ෆේස් බුක් පිටුව ඔස්සේ ද ප්‍රකාශන විස්තර ලබා ගත හැකි ය.
3. ඊ මේල්, දුරකථන හෝ තැපැල් මගින් ඔබේ ඇණවුම අප වෙත යොමු කළ හැකි ය.
4. ඔබේ ඇණවුම් සඳහා තොග වට්ටම් හිමි වේ.
5. මේ වට්ටම් සහිතව ඍජුව ම අපේ පොත් හල් වලින් පොත් මිල දී ගත හැකි අතර, අපගේ ජංගම බෙදාහැරීම් රථ ඔස්සේ ඔබේ පොත්හල වෙත පොත් ගෙන්වා ගත හැකි ය.

1. ඔබේ පොත්හල අප බෙදාහැරීම් ජාලයේ ලියාපදිංචි කරන්න. ඒ සඳහා අවශ්‍ය තොරතුරු අපේ ප්‍රකාශන අංශයෙන් ලබා ගත හැකි ය.
2. ලියාපදිංචියෙන් පසු අපගේ ප්‍රකාශන පිළිබඳ සවිස්තර තොරතුරු වාරානුකඣලව ඔබ වෙත යොමු කරන අතර, අපගේ වෙබ් අඩවිය හා ෆේස් බුක් පිටුව ඔස්සේ ද ප්‍රකාශන විස්තර ලබා ගත හැකි ය. ඔබේ ඇණවුම ඊ මේල් මගින් හෝ තැපැල් මගින් ඔබේ ඇණවුම අප වෙත යොමු කළ හැකි ය.
3. ඔබේ ඇණවුම් සඳහා 40% ක පොදු වට්ටමක් ලැබේ.
4. ඔබ විසින් තෝරා ගෙන ඇති පොත් සංඛ්‍යාව සහ පොත් වර්ග සලකා බලා වැඩි වට්ටම් ලබා දීමට ද පියවර ගනු ඇත.
5. සමාජ සත්කාර සේවාවක් ලෙස නොමිලයේ පොත් ලබා දීමේ ව්‍යාපෘතියක් ද අප විසින් ක්‍රියාත්මක කෙරේ. ඔබගේ පුස්තකාලය ඒ ව්‍යාපෘතියේ නිර්ණායකයන්ට ගැලපෙන අවස්ථාවන්හි ඔබ මිලදී ගන්නා පොත් වලට අමතරව අප ආයතනය විසින් නොමිලයේ පොත් ලබා දීමට ද කටයුතු කරනු ඇත.

1. ඔන්ලයින් සැපයුම්කරුවෙකු ලෙස අප ආයතනයේ ලියාපදිංචි විය යුතු ය. ඒ සඳහා අවශ්‍ය තොරතුරු අපේ ප්‍රකාශන අංශයෙන් ලබා ගත හැකි ය.
2. ලියාපදිංචියෙන් අනතුරුව අපගේ ප්‍රකාශන පිළිබඳ තොරතුරු වාරානුකඣලව ඔබ ආයතනය වෙත දැනුම් දෙන්නෙමු. අපගේ වෙබ් අඩවිය හා ෆේස් බුක් පිටුව ඔස්සේ ද ප්‍රකාශන විස්තර ලබා ගත හැකි ය.
3. ඇණවුම් කළ පොත් ලබාගත හැක්කේ මරදානේ පිහිටි අපගේ ප්‍රධාන පොත්හල හෝ ප්‍රධාන කාර්යාලයෙනි.
4. ඔබ ලබාගන්නා ප්‍රකාශන සඳහා ඔන්ලයින් වට්ටම හිමි ය.

ඊට අමතරව විමසුමක් කළ යුතු නම්,

Fast publishing (Pvt) Ltd - Head Office

(regarding your proposals for publication.)
Address : No. 165, Devanampiyatissa Mawatha, Colombo 10, Sri Lanka.
Telephone: 011-2682223
Fax: 011-2682224

Surasa Book Store Maradana

(For retail and wholesale trade)
Address : No. 617, Maradana Road, Colombo 10, Sri Lanka.
Telephone: 011-2694230
Fax: 011-2674018
Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping