කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ලබන 18 වැනි සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමයේ තීරණය කර තිබේ.
එම සංගමය සදහන් කළේ මෙවර ප්‍රදර්ශනය වෙළෙද කුටි 400කින් පමණ සමන්විත බවයි.
මෙවර විදේශීය වෙළෙද කුටි කළමණාකරණය කරනු ලබන්නේ දේශීය නියෝජිතයින් විසින්වීමද විශේෂත්වයකි.
ප්‍රදර්ශනය පැවැත්වීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අනුමැතිය ලැබී ඇති අතර, සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන මහජනතාවගෙන් ඉල්ලා සිටීයි.