Amuthu Thale Adara Kathawak – අමුතු තාලේ ආදර කතාවක්
අතිශය අධික ජන ඝනත්වයකින් යුත් මරදාන, මාලිගාකන්ද, මාලිගාවත්ත, පරණවාඩිය, දියකඩිත්ත, පංචිකාවත්ත, සුදුවැල්ල වැනි පැරණි ගම් බොහොමයක් එකතුවෙන් නිර්මාණය වූ නගරයකි. මෙහි පදිංචි සිංහල, දෙමළ, මුස්ලිම්, ජා, ලන්සි වැනි විවිධ ජනකොටස්වලට අයත් මිනිසුන්ගේ කථන භාෂාවල දක්නට ලැබුණේ මිශ්‍ර ලක්‍ෂණයන්ගෙන් යුත් ස්වභාවයකි. සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින කථන බසෙහි දක්නට ලැබෙන ආගන්තුක වචන බොහොමයක් මරදාන ආශ්‍රිතව ඇතිවූ ඒවාය. එම භාෂාව ආශ්‍රිත කටවහරටත්, වියත් වහරටත්, මැදි වහරක් භාවිත කර ගනිමින් රචිත මෙම නවකතාවේ ප්‍රධාන චරිතය වූ පහළ මධ්‍යම පන්තික සිංහල බෞද්ධ පවුලකට අයත් ගාවින් හෙට්ටිආරච්චි තම දෙමව්පියන් සහ සොයුරා සමඟ පදිංචිව සිටියේ මරදානේය. ආනන්ද – නාලන්ද වැනි ලොකු බෞද්ධ පාසල් තිබුණ ද, ඔහුත් ඔහුගේ සොයුරාත් ගියේ දෙමටගොඩ පිහිටි ආගමේ පාසලටය. ගාවින් පෙම් සබඳතාවක් ඇති කොට ගන්නේත්, අවසන විවාහ වන්නේත් ලන්සි යුවතියක් සමඟය. මෙහි අන්තර්ගත වන්නේ ඔවුන් දෙදෙනාගේ අසම්මත අමුතු ආදර කතාවය.
VINDITHAYO – වින්දිතයෝ
රාජ්‍යත්වයේ දී බලවතුන්ගේ ආත්මාර්ථකාමී කුමන්ත්‍රණයක වින්දිතයකු බවට පත් වූ සාමාන්‍ය මිනිසකුගේ ඛේදජනක ඉරණම පිළිබඳ කතාව.
Mahabiso Leelawathi – මහබිසෝ ලීලාවතී
ලංකාවේ තෙවරක්ම සිංහාසනයට පත්වූ එකම පාලිකාව වූ ලීලාවතී බිසව සිය පාලන කාලය තුළ දී පරසතුරු ආක්‍රරමණ මෙන්ම වංශික අරගල දේශපාලනයට ද මුහුණ දෙමින් සිදු කළ රාජ්‍ය පාලනය හා සබැඳි විචිත්‍රවත් ඓතිහාසික නවකතාවකි.
Mahakala – මහාකාල
වළගම්බා රජතුමන්ගේ චරිතය සහ ලංකා ඉතිහාසයේ
අතිශය අර්බුදකාරී කාල පරිච්දඡේයක සිදුවූ දේශපාලනික,
සංස්කෘතික හා ආගමික තොරතුරු පදනම් කර ගනිමින් රචිත
පරිකල්පනාත්මක ඓතිහාසික නවකතාවකි.
Gamanaka Satahan – ගමනක සටහන්
කුමන වනාන්තරයේ අප රැය ගත කරන්නට තෝරා ගත් තැනට ළඟා වනවිට බිමට කැරුවල වැටෙන්නට පටන් ගෙන තිබිණි. කැලෑවට උඩින් ඉර බැස ගොස් ය. නැගෙනහිර පැත්තෙන් ඇත්තේ මහා සාගාරය ය. උතුරු පැත්තේ සිට ගලා එන කුඹුක්කන් ඔය මුහුදට වැටෙන්නේ, අප රැයෙහි නවතින්නට සැලසුම් කළ තැන සිට මීටර දෙතුන්සියයකට ඔබ්බෙනි. අප සිටින්නේ මිනිස් වාසයෙන් කිලෝමීටර විසිපහකට තිහකට ඈතින් පිහිටි මහ වනයට මායිම් වූ වෙරළ තීරයේ, කුඹුක්කන් ඔය මෝය ආසන්නයේ ය. වනයට තරම් ඉක්මනට වෙරළට කරුවළ නොවැටෙයි.
කෙමෙන් අඳුරු වන්නට පටන් ගෙන ඇති වලා රහිත සැන්දෑ අහසෙහි තරු කැට එක දෙක යාන්තමට දිලිසෙයි. සමාන කාල පරාසයක් තුළ විටින් විට කුඩා රාවණා ප්‍රදීපාගාරයේ සිට ගිනිකොන පැත්තෙන් විහිදෙන ආලෝකය යාන්තමට පෙනෙන්නට පටන් ගෙනය. බිමට කරුවළ වැටෙන්නට පටන්ගෙන ඇති මෙවන් මොහොතක රැයෙහි නැවතීම සදහා නවාතැන් පොළක් සොයා ගැනීමට වෙනත් තැනකට යා නොහැකි ය. කලකට පෙර දඩයක්කාරයන් විසින් කැලය තුළට වන්නට තනන ලද දිරාගිය ආවරණයක් සහිත සැකිල්ලකින් යුතු බිම් කඩ ශුද්ධ පවිත්‍ර කොට ගත්තේ, රෑ අහස සකස් කරගන්නට එතැන යොදා ගැනීමට ය. පදුරුවලින් ආවරණය වූ එතැනට මුහුදෙන් හමන දැඩි සුළං නොඑයි. එයට සමීප ව අප පැමිණි ජීප් රථය නවතා, ඉදිරියෙන් වූ විවෘත බිම්කඩ කුඩාරම සවිකරන්නට යොදා ගතිමු.