(Showing 169 – 192 products of 235 products)
හැට ලක්ෂයක් යුදෙව් ජාතිකයන් අළු දූවිලි බවට පත්කළ හිට්ලර්ගේ විශාලතම වධකාගාරයේ, මිනීමරු වෛද්‍ය මැන්ගල්ගේ අධීක්ෂණය යටතේ එහි සිරකරුවකු වූ යුදෙව් වෛද්‍ය මික්ලොස් නයිස්ලි ඇසින් දුටු සාක්ෂි විස්තර කෙරෙමින් ලියවුණු ‘Auschwitz’ නැමැති පොතේ පරිවර්තයයි.
මං දන්නෙ කොහොමද? මෙයාලා මට මොනවත් කියන්නෙ නෑ… හැමෝම තම තමන්ගෙ වැඩ… ඔය ප්‍රෙර්නා… ගෙදර එන්නෙ යක්කු ගස් නගින වෙලාවට… ඇහුවම කියන්නෙ වැඩ ඇරිල එන වෙලාව කියල… කෙල්ලෙකුට ඔය හැටි රෑ වෙනකල් තියෙන වැඩ මොනවද? අනිත් කෙනා ගීතුගෙ දුව..! අල්ලපු කාමරේ ඉන්නෙ… ජංගියක් තංර කොට කලිසමක් ගහගෙන රවුං ගහනව! රමේෂ්වත්, ආදිත්‍යවත් ඒ කෙල්ලන්ව ආණ්ඩු මට්ටු කරන්න උනන්දුවක් නෑ… නීලම්… ඒ අනික් එක්කෙනා…! අර කෙල්ලට කවනව… කවනව… එළදෙනෙක් වගේ ආරනකම්ම! මේ ගෙදරින් මං ගැන බලන්නෙ අං අර බින්දු කෙල්ල විතරයි… ඒකිත් නැත්තං මං මෙලහටත් මැරිල..! වළලපු තැන්වල ගසුත් පැළවෙලා!!
***** ප්‍රෙර්නා… දිල්ලියෙ සල්ලිකාර පවුලක කෙල්ල… තට්ටු තුනේ ගෙදර, තුන්වෙනි තට්ටුවටත් උඩින් තියන රූෆ් ටොප් එකෙන් බිමට… වැටුණද? පැන්නද? තල්ලුකළාද? එ ගෙදරම තුන්වෙනි තට්ටුවෙ හිටපු ප්‍රෙර්නගෙ තරුණ බාප්පා ආදිත්‍ය… එයාගෙ ඇඳ උඩම… මැරුණද…? මැරුවද…? සිය දිවි නසා ගත්තද? කේශව් අංජලීටයි… අංජලී කේශව්ටයි… ඇත්තටම ආදරේ කළාද? බොරුවට ආදරේ කළාද? ආදරේ කළේම නැද්ද?
එඩිත්හාන් නමැති යුදෙව් ජාතික දිරිය කතගේ ආත්ම භාෂණය රැගත් ‘The Nazi Officer’s Wife’ විෂම සමාජයක උපත ලැබ අනේකවිධ දුක් දොම්නස්වලට මුහුණ දී අවසානයේ විමුක්තිය ලබන අයුරු විවරණය කෙරේ.
ලෝකයම කුරිරු ව්‍යසනයකට ගොදුරු කළ හිට්ලර්ගේ දෙබිඩි ජීවිතය මෙන්ම ඔහුගේ ඒකාධිපති වියරුවේ අවසානයද විස්තරාත්මකව හෙළිකරන ඔහුගේ ලේකම්වරියගේ ‘Bis zur letzten Stunde’ නම් සත්‍ය කතාවේ පරිවර්තනයයි.
විසිවැනි සියවසේ මුල් භාගයේ නිව්යෝර්ක් නගරය ඇතුළු අමෙරිකා එක්සත් ජනපද නගරවල පැවැති සමාජ වාතාවරණය පසුබිම් කරගත් මෙම කෘතිය තුළින් ඒ කාලයේ යුදෙව්වනට හා කළු ජාතිකයන්ට එරෙහිව එල්ල වී තිබුණු වර්ගවාදී සමාජ පීඩනය නිරූපණය කරේ. ජනප්‍රිය ඉංග්‍රීසි ලේඛක හැරල්ඩ් රොබින්ස් රචිත මෙම කෘතිය සරල වූත්, උද්වේගකර වූත් ජීවන අත්දැකීම් ඔස්සේ ජීවිතය පිළිබඳ මානුෂික විවරණයක් තුළින් පාඨක සිත්සතන් කම්පනයට පත්කරවයි.
මම ඔවුන් දෙදෙනා දෙසම බැලීමි. මගේ දෑසට උණු කඳුළු උනනු දැනුණේය. කතා කරගන්නට උත්සාහ කළත් මට කතා කරගන්නට බැරි විය. මම ඔවුන් දෙස බලා සිටියදී දෑස් කඳුළු පිරී මගේ කම්මුල් දිගේ ගලා ගියේ ය. මම නිහඬව එතැන උන්නේ වැළපෙමින් නොවේ. එහෙත් මගේ කම්මුල් දිගේ කඳුළු ගලා යද්දී හදවතින් හැඬුවෙමි. ඔවුහු කතා නොකර මා දෙස බලා උන්හ. නැන්දාගේ දෑසටද කඳුළු ආවේය. මම ඉවත හැරී මගේ කාමරයට දිව ගොස් ඇඳේ මුණින් වැතිරුණෙමි.
සමාජ සේවිකාවක මෙන්ම අපරාධ පිළිබඳ රහස් පරීක්ෂිකාවක වූ සිම්රන් සිං අතුරුදහන්ව සිටින බ්‍රිතාන්‍ය ජාතික ලීසා බාලවයස්කාරිය බේරා ගැනීමට ඉදිරිපත්වීම ඔස්සේ දිගහැරෙන කුතුහලය දනවන කතාවේ සිංහල පරිවර්තනයයි.
ප්‍රකාශනය – ආශිර්වාද ප්‍රකාශකයෝ
ප්‍රකට ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 3 Idiots නමැති අතිශය ජනප්‍රිය නවකතාවේ සිංහල අනුවාදයයි. උන්මාද තරුණයන් තිදෙනෙකුගේ විනෝදකාමී ගති පැවතුම් පාදක කරගත් රසාලිප්ත නවකතාවකි.
Get access to your Orders, Wishlist and Recommendations.
Remember me Lost your password?
Log in
New to Surasa Book Shop Online? Sign up
Your personal data will be used to support your experience throughout this website, to manage access to your account, and for other purposes described in our privacy policy.
A password will be sent to your email address.
Register
Existing User? Log in